Stroke හෙවත් ආඝාතය?
Stroke is ?
a sudden paralysis of nerve function caused by interruption of blood flow to the brain. Here, the brain cells begin to die within a few minutes after not getting the necessary oxygen and nutrients. This can lead to long-term brain damage, long-term disability, or even death.
ආඝාතය (Stroke) යනු, මොළයට රුධිර ප්රවාහය බාධා වීම නිසා ඇතිවන ස්නායු ක්රියාකාරිත්වයේ හදිසි අඩපණ වීමයි . මෙහිදී මොළයේ සෛලවලට අවශ්ය ඔක්සිජන් හා පෝෂ්ය පදාර්ථ නොලැබී යාමෙන් මිනිත්තු කීපයක් ඇතුළතදී ඒවා මිය යාමට පටන් ගනී. මෙය දිගුකාලීන මොළයේ හානි හෝ දීර්ඝ කාලීන ආබාධ හෝ මරණය පවා සිදු වීමට හේතු විය හැක.
Type of stroke
- Ischemic stroke: the most common type, affecting about 80% of people who have a stroke, is caused by a blood clot blocking or reducing blood flow to the brain, which supplies essential oxygen to the brain.
- Hemorrhagic stroke: Hemorrhagic stroke occurs when blood vessels in or around the brain rupture.
In addition, a transient ischemic attack (TIA) can occur as another condition similar to a stroke. It is also called a "mini stroke." TIAs occur when the blood supply to the brain is blocked for a short period of time, lasting a few minutes or less than 24 hours. The damage to brain cells is not permanent, but if you have a TIA, you are at a higher risk of having a stroke.
මීට අමතරව ආඝාතයකට සමාන තවත් තත්වයක් ලෙස transient ischemic attack (TIA) ඇති විය හැකිය. එය "Mini stroke" ලෙස හැඳින්වේ. මොළයට රුධිර සැපයුම කෙටි කාලයක් සඳහා අවහිර වූ විට TIAs හට ගනී.මෙය ඉතා කුඩා කාලයක්, මිනිත්තු කිහිපයක් හෝ පැය 24 කට අඩුවෙන් පවතී. මොළයේ සෛල වලට සිදුවන වන හානිය ස්ථිර නැත, නමුත් TIA තිබේ නම්, ආඝාතය වැළඳීමේ වැඩි අවදානමක් ඇත.
Risk factors (අවදානම් සාධක)
High blood pressure (අධි රුධිර පීඩනය) - මෙය ප්රධානතම සාධකය වේ.
Diabetes (දියවැඩියාව)
Heart diseases (හෘද රෝග)
Smoking (දුම්පානය)
High cholesterol (රුධිරයේ අධික කොලෙස්ටරෝල් මට්ටම)
Alcohol usage (මත්පැන් භාවිතය)
Obesity (ස්ථූලභාවය)
Mental stress (මානසික ආතතිය)
Unhealthy diet (සෞඛ්යමත් නොවන ආහාර රටා)
Age (වයස)- වයස වැඩී වීම අවදානම වැඩි කරයි
Family history of stroke (ආඝාතය පැවතීමේ පවුල් ඉතිහාසය)
What are the symptoms of stroke?
- Sudden numbness or weakness in the face, arm, or leg (especially on one side of the body)
- Sudden confusion, trouble speaking, or understanding speech
- Sudden trouble seeing in one or both eyes
- Sudden difficulty walking, dizziness, loss of balance or coordination
- Sudden severe headache with no known cause
- මුහුණේ, අතේ හෝ පාදයේ හදිසි හිරිවැටීමක් හෝ දුර්වලතාවයක් (විශේෂයෙන් ශරීරයේ එක් පැත්තක)
- කතා කිරීමට නොහැකි වීම හෝ කතා කිරීමේ අපහසුතාව, හෝ කතා කරන දේ තේරුම් ගැනීමේ අපහසුතාව
- එක් ඇසක හෝ දෙකේම හදිසි පෙනීමේ අපහසුතාවයක්
- හදිසියේ ඇවිදීමට අපහසු වීම, කරකැවිල්ල, හෝ ක්ලාන්ත ගතිය හෝ සමබරතාවය නැතිවීම
- නිශ්චිත හේතුවක් නොමැතිව ඇතිවන හදිසි තදබල හිසරදය
මෙය FAST යන කෙටි යෙදුමෙන් භාවිතා වේ.
- F- Face මුහුණේ වෙනස්කම්
- A-Arm අත් දෙකම සමාන ලෙස ඉහළට එසවීමට නොහැකි වීම
- S-Speech කතා කිරීමට අපහසු වීම හෝ කතා කරන දේ තේරුම් ගැනීමට අපහසු වීම
- T-Time ඉහත රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්ය ප්රතිකාර සඳහා යොමු වන්න
Treatments?
Acute treatments
Post stroke rehabilitation: මෙහිදී රෝගියාට මොළයේ සෛලවලට හානි සිදුවීම නිසා අහිමි වූ කුසලතා/ හැකියා නැවත ඉගෙන ගැනීම සිදු කෙරේ. මෙහි ඉලක්කය වන්නේ රෝගියාව හැකි තරම් ස්වාධීන කිරීම සහ ජීවන තත්ත්වය (Quality of Life) වඩා යහපත් කිරීමයි.
-භෞත චිකිත්සක ප්රතිකාර
-වෘත්තීය චිකිත්සක ප්රතිකාර
-කථන චිකිත්සක ප්රතිකාර
Prevention
- Physiotherapy Treatments
Physiotherapy treatment in the early stages of stroke helps reduce the complications caused by this disease. Physiotherapy entails studying the patient's current condition, his abilities and weaknesses, and planning the treatment methods required to maintain balance and perform basic activities such as sitting, standing, and getting out of bed. Movement re-education is given to the patient, and his changed posture is corrected.
නිසි ඉරියව් පවත්වා ගැනීම ( Positioning)- සන්ධි ආශ්රිතව තුවාල (Pressure sores) ඇති වීම වැළැක්වීමට හා වැරදි ඉරියව් නිසා ඇතිවන සංකූලතා අවම කර ගැනීම සඳහා, ඇඳ මත උඩු අතට/ පැත්තට සිටින විට, වාඩි වී සිටින විට නිවැරදි ඉරියව් පවත්වා ගැනීම වැදගත් වේ.
• අත් හා පාද ආශ්රිත ව්යායාම - ඒවායේ චලන පාරාසයන් පවත්වා ගැනීම සඳහා ව්යායාම ( Passive/ Active assisted/ active ROM exercises, stretching exercises)
මේවා ආබාධයට ලක්වූ කොටසට මෙන්ම නිරෝගී කොටසටද සිදු කළ යුතු වේ
• සංවේදන උත්තේජනය කිරීම- ස්පර්ශය හා සන්ධි ආශ්රිත දැනීම වර්ධනය කිරීම (PNF)
• මුල් අවදියේදී ඇඳ මත චලනයන් හා ක්රියාකරකම් - Bed mobility exercises
• අතුරු ආබාධ වැළැක්වීම- දිගු කාලීනව ඇඳේ සීටීමේදී ඇතිවන තුවාල (Bed sores) වළක්වා ගැනීම, මාංශ පේෂිවල තද ගතිය/ දැඩි බව පාලනය (Spasticity management)
• මාංශ පේෂිවල ශක්තිමත් භාවය සඳහා Strengthening exercises
• මුත්රා මාර්ගය ආශ්රිත සංකූලතා පාලනය ( Bladder and bowel management)
• සිරුරේ ස්ථිතික හා ගතික සමබරතාවය පවත්වා ගැනීම (Static & dynamic balance training)
• නිදා ගැනීම, ඇදේ වාඩි වීම, සිට ගැනීම වැනි දෛනික ක්රියාකාරකම් හුරු කිරීම
• රෝද පුටුවක් භාවිතා කිරීමට පුරුදු කිරීම (Wheelchair management)
• සමායෝජනය සඳහා ව්යායාම (Coordination exercises)
• ඇවිදීම ( Gait training)
ඇවිදීමේ ආධාරක නිවැරදිව භාවිතා කරමින් ඇවිදීම (in parallel bars/ with walking aids)
පඩි නැඟීම
• Mirror therapy
• රොගී පැත්තේ අත, පාදය එදිනෙදා වැඩ සඳහා භාවිතයට හුරු කිරීම (Constraint Induced Movement Therapy- CIMT )
Using these treatment methods, the primary goal of the physical therapist is to make the patient independent for their daily activities as soon as possible.

0 Comments